ශ්‍රී ලංකාව (Sri Lanka) යනු ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාලී ලත් මහා ඉතිහාසයකට සහ මහා සම්පත් සමුදායකට හිමිකම් කියන අභිමානවත් මානව පරපුරකින් ආරක්ෂා වූ අභිමානවත් දිවයිනකි. ආසියා මහාද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත මෙම රාජ්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙසින් නිළ වශයෙන් නම් කෙරෙන සෛවරීය රාජ්‍යයකි .
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ඨාසය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. එසේ වුව ද අද වන විට මිලියන 15කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙලි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි.
සිංහල භාෂාව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ක්‍රි.පූ. 500දී පමණ විජයාගමනයෙන් ලැබුණු බව සමහර සෙල්ලිපිවල හා මහාවංශයේ සඳහන් වේ. එහෙත් විජයාගමනයට පෙර ද ලංකාව ජනාවාස ව පැවති බැවින් ඉන්දියානු භාෂා හා ස්වදේශිය භාෂා සම්මිශ්‍රණයෙන් සිංහල භාෂාව බිහි වූ බව සමහර විද්වත්හු පවසති.
සිංහල සාහිත්‍යය සැලකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බුදු දහමෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම භාෂාවන්ගේ වචන ද ඇතුළු වී ඇත.
ක්‍රි.ව. 20 වන ශත වර්ෂයේ මුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඬිඳු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි.
සිංහල අක්ෂර ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට හැඳින්වුණු පැරණි බ්‍රාහ්මීය අක්ෂරවලින් පැවත එයි. සිංහල හෝඩියේ අක්ෂර 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙනත් භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ ප්‍රධාන ජාතික භාෂාවක් ලෙස සැලකේ.